ඔටාරා යලි නැඟිටියි.


ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් ගොඩ නැගූ සුවිශේෂී සන්නාමයක් වන එම්බාර්ක් විසින් තමන්ටම අයත් ස්ථානයක පිහිටවූ පළමු ස්වාධීන අලෙවිසැල ඓතිහාසික අතින් වැදගත් සුන්දර ගාලු කොටුවේ විවෘත කර තිබේ.

සම්පූර්ණයෙන්ම නැවුම් පෙනුමක් ගත් වර්ග අඩි 5,500 ක ඉඩපහසුකම් සහිත එම්බාර්ක් අලෙවිසැල ගාල්ල කොටුවේ ප‍්‍රදීපාගාරවීදියේ අංක 33 දරණ ස්ථානයේ පිහිටා තිබෙන අතර අලෙවිසැල සහ එහි අලෙවිකරන භාණ්ඩ සුනඛ සුරතලූන්ගේ මනරම් තේමාවන්ගෙන් විචිත‍්‍රවත්වේ.

මෙම අලෙවිසැලෙන් පිරිමින්, කාන්තාවන් සහ දරුවන් සඳහා විලාසිතා වලින් පිරිපුන් ඇඟලුම්, පාවහන්, තෑගි භාණ්ඩ සහ ආයිත්තම් ඇතුළු භාණ්ඩ මිලදීගත හැකිය.

එම්බාර්ක් සන්නාමයේ නිර්මාතෘ, ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් හදාවඩා ගත් සුරතල් වීදි සුනඛයෙකු වන ‘නිකෝ’ ගේඅලංකාර රූපය එම්බාර්ක් සන්නාමයේ ප‍්‍රබල සංකේතය වන අතර ගාලූ කොටුවේ එම්බාර්ක් අලෙවිසැලේ ‘Coffee with Niko’නමින් පාරිභෝගිකයින් වෙනුවෙන් විචිත‍්‍රවත් අවන්හලක්ද විවෘත කර තිබේ.

මෙම අලෙවිසැල අලංකරණය කිරීම සඳහා ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් හදාවඩා ගත් සුරතල් වීදිසුනඛ සුරතලා වන නිකෝ සහ එම්බාර්ක් පවුලට පසුව එකතුවූ නිකෝගේ හොඳම මිතුරන්වන බැන්ඩිට් සහ රෝසිගේ රූපයන් යොදාගෙන තිබීම කැපී පෙනේ.

‘අපගේ පළමු ස්වාධින අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව එම්බාර්ක් හි අපි සියල්ලන්ම අතිශය සතුටට පත්වෙනවා.අවශ්‍යතාවයන් සහිත බොහෝ සුනඛයින්ට සහ ඔවුන් ජීවත්වන ප‍්‍රජාවට හොඳ ජීවිතයක් ලබාදීමට අපි සෑම දිනකම වෙහෙසෙනවා.සන්නාමය මගින් ලැබෙන ලාභ මගින් සිදුකරන සුනඛයින්ගේ ශුභසාධන කටයුතු මෙම අලෙවිසැල විවෘත කිරීමත් සමග වැඩිකළ හැකියැයි අපි බලාපොරොත්තු වෙනවා. එම්බාර්ක් සන්නාමයෙන් යුතු භාණ්ඩයක් මිලදීගන්නා සෑම පාරිභෝගිකයෙකුම සෘජුවම වීදිසුනඛයින්ගේ ශුභ සාධන කටයුතු සඳහා දායකත්වය දක්වනවා.’යනුවෙන් ගුණවර්ධන මහත්මියපැවසුවාය.

‘වෙළඳාමට වගේම ලොව පුරා ජනතාව අතර සන්නාමය ප‍්‍රචලිත කිරීමට ගාල්ල කදිම ස්ථානයක්.මේනිසා, ගාලූ කොටුවේ අපේ පළමු අලෙවිසැල ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවෙනවා.’

ගාලූ කොටුවේ පිහිටි එම්බාර්ක් අලෙවිසැල සතියේ දින හතේම උදෑසන 9.00 සිට රාත‍්‍රී 9.00 දක්වා විවෘතව පවතී.
bde

Share on Google Plus

0 comments:

Post a Comment