ඔටාරාගෙන් ජනපතිට වලස් ප්‍රශ්ණයක්.


ඔටාරා ගුණවර්ධන කවුරුත් දන්නා පරිදි ඔඩෙල් ආයතනයෙන් වෙන්ව මේ වන විට සමාජ සත්කාර සහ ව්‍යාපාර රැසක නිරත වනවා. 

ඔටාරා පදනම ආරම්භ කර ඇත්තේ ද ඇගේ සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන්. 

මේ අතර ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇතැයි වර්තා වනවා.එම ලිපියෙන් ඇය ඉල්ලීමක් කර ඇති බවයි පැවසෙන්නේ. 

කැලෑවන් තුළින් බේරාගන්නා වන සතුන් සත්ත්වෝද්‍යාන වෙතට රැගෙනයාම වැළක්වීම සඳහා මෙම ලිපිය ඔටාරා විසින් ජනපතිවරයාට යවා තිබෙනවා. 

එම ලිපිය මගින් මේවනවිට වන ජීවිසංරක්ෂණදෙපාර්තමේන්තුව භාරයේ සිටින වලස් පැටවුන් සිව්දෙනා සහ දිවි පැටවා පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර මොවුන්ව මෑතකදී පින්නවල, වාගොල්ල ප‍්‍රදේශයේපිහිටුවා තිබෙන නව සත්ත්වෝද්‍යානයට භාරදෙන ලෙස ඉල්ලීමක් ලැබී ඇතැයි සඳහන්කර තිබෙනවා. 

මෙම තීරණයට එරෙහිව ඇය මෙන්ම සොබාදහමට සහ පරිසරයට ආදරය කරන කණ්ඩායම් සහ පුද්ගලයින් දැක්වූ විරෝධතාවයන්ට අදාළ ඇමුණුම්ද මෙම ලිපියට එක්කර තිබෙන්නේ වන ජීවී විශේෂඥයින් සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සන්ධානයේ දැක්ම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීම සඳහායි. 

පින්නවල පිහිටි නව සත්ත්වෝද්‍යානයේ මේවනවිට දිවියන් හයදෙනෙකු සිරකර ගෙන සිටින නිසා හත්වැන්නෙකුත් අවශ්‍ය වන්නේදැයි ප‍්‍රශ්නයක් තිබෙන බව ඔටාරා ගුණවර්ධන තම ලිපියෙන් ප්‍රශ්න කර තිබෙනවා. 

 ශ‍්‍රී ලංකාවට ආවේණික වලසා, වඳවෙමින් යන සත්ත්වයෙකු ලෙස පරිසරය සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමය විසින් රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බව මෙම ලිපිය මගින් පෙන්වා දෙනවා.

පශු වෛද්‍යවරුන් සහ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ විරෝධතා තිබියදීත්මෙම වලස් පැටවුන්ගෙන් තිදෙනෙකු මේවනවිට හම්බන්තොට සෆාරි උද්‍යානයේත්, එක් පැටවෙකු දෙහිවල සත්ත්වෝද්‍යානයේත් රඳවාගෙන සිටින බව ද එහි  සඳහන් වනවා.


Share on Google Plus

0 comments:

Post a Comment