කෝච්චියේ වඩේ විකිණූ "උෟව මහ ඇමති"


නරේන්ද්‍ර ද මෝදර් දාස්‌ මුල්චාන්ද් මෝදි දුම්රිය ස්ථානයක තම සොහොයුරා පවත්වාගෙන ගිය ආපන ශාලාවේ තේ හදන්නා ලෙසද සේවය කර තිබුණි. ඔහු ඉන්දියාවේ වත්මන් අගමැති වරයාය.

ඌව පලාතේ මහ ඇමති චාමර සම්පත් දසනායකටද කෝච්චියේ වඩේ විකිණූ ඉතිහාසයක් තිබේ. ඔහු ඒ පිළිබඳව මාධ්‍යවේදී පාලිත ආරියවංශ සමග පවසා තිබුණේ මෙසේය.  

"පිළිකාවක් හැදිල මගේ අම්මා මැරෙනකොට මගේ වයස අවුරුදු 6යි. ඊට පස්සේ මගේ පුංචි අම්මා දෙමෝදරට ගෙනැල්ලා මාව ඇති දැඩි කරලා තියෙනවා. පුංචි අම්මා දෙමෝදර වත්තේ තේදළු කඩලා මාත් ඇගේ දරුවෝ හතරදෙනාත් ලොකු මහත් කරන්න ලොකු යුද්ධයක් කළා. ආර්ථික ප‍්‍රශ්න නිසා අධ්‍යාපනය අතරමගදී නතර වුණ තැන කෝච්චියේ වඬේ විකුණලත් තියෙනවා" ඔහු මේ ගැන සිහි කර තිබුණේ ඌව පළාත් සභාවේ ක‍්‍රීඩා හා යෞවන කටයුතු, විදුලිබල හා බලශක්ති, පේෂකර්ම හා කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යධුරයෙන් පිදුම් ලැබීමේන් අනතුරුවය.

එදා ඔහු හමුවීමට ගිය අවස්ථාව ගැන පාලිත ආරියවංශ හඬ අවදි කරන්නේ මෙලෙසිනි. "ඇල්ලේ චාමර නමින් කොයි කවුරුත් හඳුන්වන මේ පොදුජන හිතවතා සොයා මම දෙමෝදරට ගියා. ඔහුගේ නිවෙස පිහිටා තිබුණේ දෙමෝදර බෝරුකට නුදුරින් වෙළෙඳසල් පෙළක් මැද. එ් නිවෙස කඩකාමර දෙකක් වගෙයි. ‘‘මේක තමයි මගේ ගෙදර’’ චාමර එදා මට පැවසුවේ ප්ලාස්ටික් පුටුවක් මා හට පිළිගන්වා ඔහු ද ප්ලාස්ටික් පුටුවක වාඩි වෙනගමන්."

දැන් ඉතින් ඌවේ බලගතු අමැතිවරයෙක් නේ අභිමානය දැනෙනවද? පාලිත එදා ඔහුගෙන් ඇසුවේය.

"නිහතමානීව සතුටුවෙනවා එහි සියලූ ගෞරවය මට නොවෙයි මගේ ජනතාවටයි. හැබැයි කැමති නැහැ. ඇමති කියල කතා කරනවට චාමර කිව්වම හොඳටම ඇති’’ යැයි ඔහු පැවසුවේ සුපුරුදු හිනාවෙන් මුව පුරවාගනිමින්ය.

ඒ පිළිතුර පළාත් ඇමතිවරයෙකු වූ එදාට මෙන්ම මහ ඇමතිවරයකු වූ අදටද වලංගුවනු ඇතැයි අපි විශ්වාස කරමු.


Share on Google Plus

0 comments:

Post a Comment