ජාතික රූපවාහිනියට තවත් මරාලයක්.


මේ වනවිට මූල්‍ය තත්වය ඉතා පහතම අඩියක පවතින ජාතික රූපවාහිනියට ලැබෙන ලක්ෂ දෙකකට වැඩි මුදලක් අහිමිකරමින් හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ගුණසමුරුවට සමගාමීව රූපවාහිනී වැඩසටහනක් විකාශනය කිරීමට ජාතික රූපවාහිනී බලධාරීන් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

අද (17) රාත්‍රී 9.00ත් 9.30ත් අතර කාලය තුළ මෙම වැඩසටහන විකාශනය කිරීමට නියමිත අතර එම කාලයේ දිනපතා විකාශනය වන “සඳ වනිවිඳ” ටෙලිනාට්‍යයක් හදිසියේ නවතා මෙම විකාශනය සිදු කිරීමට නියමිතය. එම කාලය තුළ ටෙලි නාට්‍යය විකාශනය වීමෙන් ජාතික රූපවාහිනියට ලැබෙන ආදායම ලක්ෂ දෙකකට වඩා අධික යැයි පැවසේ.

“නවයුගයක නියමුවා” යනුවෙන් නම් කර ඇති එම වැඩසටහන ජාතික රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත්කිරීමේ ඒකකයට ලබා දීමෙන් පසු ආයතනයට පාඩු අවම වන පස්වරු

6.00ත් 6.30ත් අතර කාලය සඳහා සැලසුම් කර ඇත. නමුත් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහතාගේ සෘජු මැදිහත්වීමෙන් එම වැඩසටහන රාත්‍රී 9.00ත් 9.30ත් අතර කාලයට බලහත්කාරයෙන්ම ඔබ්බවා ඇත.

මෙම බලහත්කාරී ක්‍රියාව නිසා ප්‍රේක්ෂක ජනතාවගේ ටෙලිනාට්‍ය රසවිඳීමේ අයිතියට බලපෑමක් එල්ල කර ඇති අතර ජාතික රූපවාහිනියට රුපිය්ල ලක්ෂ 2කකට වාඩා වැඩි පාඩුවක් සිදු කර තිබේ.

එමෙන්ම දැඩි මූල්‍ය අර්බුදයක පසුවන ජාතික රූපවාහිනියේ සේවකයන්ගේ නිමිත බෝනස් මුදල් ප්‍රමාණය ලබාදීම පවා අර්බුදකාරීතත්වයක ඇති අතර එවන් පසුබිමක්තුළ ඒ බව දැන දැනම මෙවැනි දේශපාලන වැඩසටහන් විකාශනය කරමින් පාඩු සිදුකිරීමෙන් ජාතික රූපවාහිනිය බංකොලොත් තත්වට ඇද වැටීම වැලැක්විය නොහැකි බව පැවසේ.


Share on Google Plus