මාතර - කතරගම දුම්රිය මගේ බහිරවයෙක්.


මාතර - කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සඳහා වෙන් කළ මුදල ඩොලර් මිලියන 178 සිට ඩොලර් මිලියන 278 දක්වා ඩොලර් මිලියන 100කින් (රුපියල් මිලියන 142, 790ක්) වැඩි වී තිබෙන බවත්, ඒ සඳහා හේතු සොයා බැලීම සඳහා සමාලෝචනයක් කිරීමට බලාපොරොත්තුවන බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මාතර - කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (20දා)සවස මාතර, කැකණදුර ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

“මාර්ගයේ වැඩකටයුතු මාස 06කින් පිටුපසට ගිහින් තියෙනවා.ඒ කාල පරාසය අඩුකරමින්බලාපොරොත්තුවුණු පරිදි නියමිත දිනට මෙම මාර්ගය සාදා නිමකිරීමට මම උපදෙස් ලබාදුන්නා. විශේෂයෙන් මෙම මාර්ගය තැනීමේදි මූලිකව තාක්ෂණ ඇගයීම් කමිටුව මගින් මිල නියමකරලා තිබුණෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 178 ක්. නමුත් එය ඇමෙරිකන් ඩොලර් මිලියන මුදල 278 දක්වා වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා මේ වැඩිවීම සම්බන්ධව සොයා බැලිය යුතුයි.

කෙසේ වෙතත් අපේ නිලධාරීනුත් එවකට කැබිනට් මණ්ඩලයත් මෙම ව්‍යාපෘතිය සඳහා අත්සන් තබලා තියෙනවා. නමුත් අත්සන් තැබූ සමාගම්වල මෙම ව්‍යාපෘතිය කිරිමේ හැකියාව පිළිබඳව යම්යම් ගැටලු මතුවෙලා තියෙනවා. ඒ නිසා එම සමාගම්වල ප‍්‍රධානීන් එකතු කරලා මේ පිළිබඳ සමාලෝචනයක් කරලා මේ වැඩකටයුතු ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඇමතිවරයා කියා සිටියේය.


Share on Google Plus