රටම අඳුරුවුනේ නොරොච්චෝලේ නිසා?


ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව නොරොච්චෝලේ තාප බලාගාරයේ සිදුවූ දෝෂයක්දැයි විදුලි ඉංජිනේරු සංගමය සැක පළ කරනවා. 

ඊයේ (27) රාත‍්‍රී 11යි 53 ට ආරම්භ වූ මෙම බිඳ වැටීම ඇතැම් ප්‍රදේශවලට අද අලූයම 4 දක්වා පැවතියා. කෙසේ වෙතත් එම බිඳවැටීම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ඊයේ රාත්‍රියේම නියෝග කළා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සභාපති අනුර විජේපාල කියා සිටියේ.

දිවයින පුරා මෙවැනි විදුලිය බිඳවැටීමක් සිදුවුණේ 2010 වසරෙන් පසුවයි.  

Share on Google Plus