නිලංග දෑලට එරෙහි චෝදනා ජනාධිපති දක්වා දික්ගැසේ!


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වශයෙන් නැවත වරක් තෝරා පත් කර ගැනීම සඳහා විශාල වශයෙන් අල්ලස් දුන් බවට චෝදනා එල්ල වී සිටින ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර තේරී පත් වීම සම්බන්ධ ප්‍රශ්නය මේ වනවිට ජනාධිපතිවරයා වෙත යොමු කෙරී ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ දියවඩන නිලමේ වශයෙන් පත් වූ නිලංග දෑල බණ්ඩාරට විරුද්ධව විවිධ වංචා දූෂණ පිළිබඳව චෝදනා රැසක් එල්ල වී තිබිණ. එහෙත් පැවැති ආණ්ඩුව විසින් ඔහුව දිගටම ආරක්ෂා කෙරුණු බව හෙළිවී තිබේ. එසේ තිබියදී නැවතත් එම ධූරයට පත් වීම සම්බන්ධයෙන් බරපතල සැක කටයුතු තැන් මතු වූ අතර අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේලියේ ධම්මකිත්ති හිමියන් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ තමන්ට රුපියල් ලක්ෂ පහක අල්ලසක් නිලංග දෑල ලබා දීමට උත්සාහ කළ බවය.

මේ අතර දළදා මාලිගාවේ වාර්ෂික අයවැය ලේඛන රැසක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා විභාග වෙමින් පවතී. එහිදී ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරගේ නීතිඥවරයා වශයෙන් නීතිය හා සමාය පිළිබඳ ඇමති තිලක් මාරපන මහතා පෙනී සිට ඇත.

කෙසේ වෙතත් දූෂිත ආකාරයෙන් ප්‍රදීප් නිලංග දියවඩන නිලමේ වශයෙන් පත්වීමට විරුද්ධව විශාල ජනමතයක් මේ වනවිට ඇති වෙමින් පවතී.

Share on Google Plus

0 comments:

Post a Comment