මරණ දඩුවම එපා.


ළමයින්ට එරෙහි අපරාධ වලක්වාලීම සදහා මරණ දඩුවම අවශ්‍ය නොවන බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය ඒ බව පැවසුවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයෙන් පසු මතු වී තිබෙන නව සංවාදය පිළිබද කොළඹ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප‍්‍රතිචාර දක්වමින්.

එහිදී දැනට තිබෙන දඩුවම් ප්‍රමාණවත් බවත් ඇය පෙන්වා දෙනවා. මෙවැනි සිද්ධි වැළැක්වීමට මරණ දඩුවම යොදා ගැනීම සාර්ථක වී නොමැති බව ජාත්‍යන්තර පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති බවත් පැවසුවා. මරණ දඩුවම් ලබා දීම සමස්ථ සමාජයේම මනුෂ්‍යත්වයට සිදු කරන හානියක් බවත්  ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවසුවා.

ළමයින්ට එරෙහි අපරාධ සදහා වන විකල්ප යෝජනා ද රජයට ඉදිරිපත් කරන්නට නතාෂා බාලේන්ද්‍ර මහත්මිය කටයුතු කරමින් සිටින බවත් මෙහිදී විස්තර කළා. ළමා අපචාර සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් අවසන් නොවීම ගැටළුවක් බවත් එහිදී පැවසුවා. ළමයින් සම්බන්ධයෙන් කි‍්‍රයාකරන නිලධාරින්ට විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 



Share on Google Plus

0 comments:

Post a Comment