මෛත්‍රීත් මුල අමතක කරයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් ඇමති තනතුරේ සිට රජයේ සහ ආණ්ඩුවේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සෑම ඉහළ තනතුරකටම පත් කරගැනීමට කටයුතු කළ අතර එයට විශාල ජනතා විරෝධයක් එල්ල විය.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ 2015 ජනාධිපතිවරණය වනවිට ඔහුට එල්ල වූ ප්‍රධාන විවේචන අතර එකක් වූයේ "රාජපක්ෂ පවුල් පාලනය" සම්බන්ධ විවේචනයයි.

2015 ජනාධිපතිවරණයේදී ප්‍රචාරක වේදිකායේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ පොරොන්දු අතර "පවුල් පාලනයක් මම ගෙනියන්නේ නැහ... මගේ දරුවන්ව මම රජයේ නිල කටයුතුවලට සම්බන්ධ කරගන්නේ නැහැ.... මම නිල නිවාස ලබා ගන්නේ නැහැ..." ආදී පොරොන්දු ලබාදෙන ලදී.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී දින 100ක් යන්යටත් කලින් සිය සොහොයුරෙකු සන්වේදන අංශය සම්බන්ධ රජයේ ආයතනයක සභාපතිවරයෙකු ලෙද පත් කළ අතර සිය දියනියටද රජයේ විශේෂ තනතුරක් ලබා දී තිබේ.

මේ අතර විශේෂම සිදුවීම වාර්තා වන්නේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ මහ සමුළුව අවස්ථාවට රජයේ විශේෂ නියෝජිත පිරිස අතරට සිය පුතනුවන් වන දහම් සිරිසේනද එක් කරගෙන තිබීමයි.

මහින්ද රාජපක්ෂ සිදුකළ වැරදි අඩුපාඩු තමන් නොකරන බව පවසා බලයට පැමිණියත් මේ වනවිට ටිකෙන් ටික මෛත්‍රීපාල සිරිසේන ජනාධපිතිවරයාද රාජපක්ෂ අඩිපාරේ ගමන් කරමින් සිටින්නේ තමන් මුලින් කී කාරණා අමතක කරදමමිණි.


Share on Google Plus