මහින්දගෙන් අභයාරාමයට ලක්ෂ තුනක පොල්ලක්!


පසුගිය මහ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය වශයෙන් යොදාගෙන සිටි නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ජලය සහ විදුලිය පරිහරණය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක පමණ ගෙවිය යුතු මුදලක් මේ වනතුරු ගෙවීම පැහැර හැර ඇති බව අනාවරණය වේ.

මෙම තොරතුරු හෙළි වන්නේ මහා පාරිමාණ දූෂණ සහ වංචා විමර්ශනය සඳහා පත් කර තිබෙන ජනාධිපති කොමිෂන්  සභාවේ පරීක්ෂණ කටයුතුවලදීය. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය තුන්වැනිදා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකින් ඒ බව හෙළිවී තිබේ.

මෙයට අමතරව එහිදී හෙළි වී තිබෙන තවත් විශේෂ තොරතුරක් වන්නේ මහ මැතිවරණ සමයේදීද රජයට අයත් රක්නා ලංකා ආරක්ෂ සමාගමේ භටයන් හය දෙනෙකු මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා අභයාරාමයට අනුයුක්ත කර තිබීමය. රක්නා ලංකා ආරක්ෂක සමාගමේ භටයින් 3000ක් පමණ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවා සිටි බවට මෙම කොමිසම හමුවේ මෙයට පෙර හෙළි වී තිබිණ.

මෙම ආරක්ෂක සමාගම සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ විසින්ය.


Share on Google Plus

0 comments:

Post a Comment