මහින්දගේ ජිනීවා සංචාරයට මුදල් වෙන්කරගත්තේ මෙහෙමයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2014 වසරේ අගෝස්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ ගතකළ දින දෙක සඳහා ඔහුගේ අතිශය පෞද්ගලික කටයුතු සඳහා දින දෙකක් සඳහා රුපියල් කෝටි 02කට අධික මුදලක් ඩොලර්වලින් වියදම් කළ ආකාරයත් එම මුදල් වෙන් කරගැනීම සිදු කළ ආකාරයත් මේ වනවිට සාක්ෂි සහිතව හෙළිදරව් වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු සහ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම එවකට විදේශකටතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස පත්කොට සිටි සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂට අමෙරිකාවේදී වැයවන මුදල් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා ජනාධිපති ලේකම්ට යැවූ ලිපියක් මාධ්‍ය වෙත අනාවරණ වීමත් සමඟ මෙය හෙළිදරව් විය.

මෙම හදිසි ලිපියේ සඳහන් ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකාවේදී ‘වේෂ නිරූපණය’ සඳහා පමණක් එම වේෂ නිරූපණ ශිල්පීන්ට රුපියල් හතලිස් තුන් ලක්ෂයකට අධික මුදලක් වැය කොට ඇත.


Share on Google Plus