පත් කිරීම් රැසක්.


තවත් කැබිනට් අමාත්‍යවරු තිදෙන්ක් අද  (08දා) පෙරවරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. 

මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ
විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
ෆයිසර් මුස්තාපා - පළාත් සභා හා පළාත් පාලන 

මේ අතර ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා නම්කර තිබේ. 

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් ලෙස පාඨලි චම්පික රණවක සහ විජේදාස රාජපක්‍ෂ යන අමාත්‍යවරුන් මේ වන විට  නම්කර තිබේ. අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස විජේදාස රාජපක්‍ෂ මහතා නම්කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු සහ සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනෙකුගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විත අවන් ආතර ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සහ ඒවා අධීක්‍ෂණය කිරිම ව්‍යවස්ථාදායක සභාව මගින් සිදුකෙරේ.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත්කරන්නැයි දන්වා කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයින්ට ඉකුත් දා දැනුම් දුන්නා. 


Share on Google Plus

0 comments:

Post a Comment