මහින්ද වෙනුවෙන් කප්පම් දුන් ලලිත් කොටු වෙයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් එවකට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ මුදල් යොදා ගනිමින් සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අධි චෝදනා ගොනු තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් යොදා ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කළ විමර්ශනවලින් තහවුරු වී ඇත.

රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳව ලලිත් වීරතුංග මහතාට අමතරව විදුලි සන්දේශ නියාමක කොමිෂන් සභාවේ සභාපතිව සිටි අනුෂ පැල්පිට මහතාටද මෙම චෝදනාව එල්ල වී තිබේ.

මෙම පැමිණිල්ලේ සාක්ෂි කරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමි ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු නම් කර තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment