කඩවත-කඩුවෙල අධිවේගය කිරිඇල්ලට කලින් කාන්තාවක් විවෘත කරලා.


කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කඩුවෙල දක්වා කොටස මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවෘත කිරීමට තිබූ මොහොතකට පෙර එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනකුගෙන් එක් කාන්තාවක විසින් පීත්ත පටිය කපා දමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපයක් පෙන්වමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ජයවේවා කියමින් "මේවා හැදුවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා. අපි දැන් ඒක විවෘත කරලා ඉවරයි. දැන් අවශ්‍ය කෙනකුට යන්න පුළුවන්" කියමින් කෑගසන්නට වූවාය.

පසුව එතැනට පැමිණි පොලිස් නිලධාරීහු කාන්තාවන් දෙදෙනා එම ස්ථානයෙන් ඉවත් කළහ. පසුව පීත්ත පටිය එම ස්ථානයේ සිටි කාන්තාවක් විසින් නැවැත ගැටගසා සකස් කිරීමෙන් පසුව ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පීත්ත පටිය නැවැත කපා අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරුන් සහ විදේශිකයන් ඇතුළු ප්‍රභූ පිරිස වාහනවල නැඟී අධිවේගය හරහා පිටව ගියහ.
මේ සිද්ධියට අදාළව සැකපිට කාන්තාවන් දෙදෙනකු පොලිසිය භාරයට ගෙන තිබේ.


-Mawbima

Share on Google Plus

0 comments:

Post a Comment