ලංකාවේ ආර්ථිකයට තවත් අසාධ්‍යයි.


මේ වනවිට පැතිගණනාවකින් වර්ධනය වෙමින් තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය අද වනවිට ආකාර දෙකකින් වඩාත් බරපතල වී ඇත. එම ආකාර දෙකනම් රුපියලේ අගය තවදුරටත් බිඳ වැටෙමින් රුපියල් 143 ශත 6ක් දක්වා ඩොලරයේ අගය ඉහළ ගොස් ඇත. අනෙක් ආකාරය වන්නේ මහ බැංකුවේ නවතම නිවේදනවලට අනුව මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් කෝටි 640 දක්වා බිඳ වැටී තිබීමය.

ජූනි මාසයේදී ඩොලර් එකක රුපියල් වටිනාකම 133 ශත 70ක් වී තිබූ අතර අද වනවිට එය රුපියල් 143 ඉක්මවා මාස තුණක් ඇතුළත රුපියල් 10කට ආසන්න ප්‍රමාණයකින් බිඳවැටී තිබේ.

විදේශ නිල සංචිත ප්‍රමාණය පසුගිය මැයි මස අවසන් වනවිට ඩොලර් කෝටි 680ක් වී තිබූ අතර එය ජූනි මස අවසන් වනවිට ඩොලර් කෝටි 750ක් දක්වා ඉහළ නැග තිබුණි. මහ බැංකුව සඳහන් කර තිබුනේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත්කිරීම මගින් ලබාගත් විදේශීය ණය නිසා මිල සංචිතය ඩොලර් කෝටි 70කින් ඉහළ ගොස් තිබූ බවය.

එහෙත් අගෝස්තු අවසන් වනවිට එය යලිත් ඩොලර් කෝටි 680 දක්වා පහත වැටී තිබුණු අතර සැප්තැම්බර් මස අවසන් වනවිට එය ඩොලර් කෝටි 640 දක්වා තවදුරටත් බිඳවැටී තිබුණු බව පසුගිය 25වනදා නිකුත් කර තිබෙන මුදල් ප්‍රතිපත්ති විවරණය මගින් හෙළි වේ.

Share on Google Plus