KP ඉන්දියාවට.


න්දීය අග්‍රාමාත්‍යවරයෙකුව සිටි රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාවේ රැකවරණය ලබන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නැමැත්තාව ඉන්දියාව ඉල්ලා සිටියහොත් ඔහුව එම රටට භාරදීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.

කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. මේ වනවිට ශ්‍රී ලංකාවේ යුද හමුදා රැකවරණ ලබමින් සිටින අතර, ඔහු 2009 වසරේ අගෝස්තු මස 05 වැනිදා මැලේසියාවේදී ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගත්තේය.

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ඒ පිළිබඳව රජයේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ කේ.පී. සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී මේ දක්වා ඔහු කළ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව අනාවරණය වී නොමැති බවයි.

මේ තත්ත්වය මත කේ.පී. ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

එහෙත් ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ කුමාරන් පද්මනාදන් චූදිතයෙකු වන අතර, ඔහු ඉන්දීය අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙකු බවට පත්ව තිබේ. එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් (ඉන්ටර්පෝල්) රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ. ඉන්ටර්පෝල් රතු නිවේදනයට අනුව කේ.පී. ඉන්දියානු ත්‍රස්තවාදී පනත හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පනත උල්ලංඝනය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සඳහා ඉන්දීය රජය විධිමත් ක්‍රමවේදයකට අනුව අදාළ අධිකරණ කටයුතු සඳහා කේ.පී.ව ඉල්ලා සිටියහොත් ඔහු ඉන්දියාවට බාරදීම හැර වෙනත් විකල්පයක් නැති බව රජයේ අදහස වී ඇතැයිද වාර්තා වේ.  ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කෙරුණේ 1991 මැයි 21 වැනිදා තමිල්නාඩුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මෙහෙයවීමෙන් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වය. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


Share on Google Plus

0 comments:

Post a Comment