ජානක පෙරේරාගේ නඩුවත් මහාධිකරණයට.


තානාපතිවරයෙකු සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයා වු මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු පුද්ගලයන් 31දෙනෙකුට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රරහාරයක් එල්ල කර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වු නඩුව මේ මස 31 වනදා සිට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විභාග කරන ලෙස අගවිනිසුරු කේ.ශ්‍රිපවන් ලිඛිතව දන්වා තිබේ.

ළමා අපචාර හා ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් නඩු විභාග කිරිම සදහා ස්ථාපිත කරන ලද විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව මේ මස 31 සිට විභාග කර සුදුසු තීන්දුව ලබාදෙන ලෙසඅගවිනිසුරුකේ.ශ්‍රිපවන්මහතාඅනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛෙමා ස්වර්නාධිපතිට ලිඛිතව දන්වා තිබේ.ඒ අනුව මේ නඩුව ඔක්තොම්බර් මස 12,13 විභාගයට ගැණිමට නියමිතය.

වර්ෂ 2010 ජුනි මස 14 වන දින මහාසියඹලාගස්වැව මැදවච්චිය ලිපිනයේපදිංචි නඩුවේපළවන විත්තිකරු වන අබ්දුල් හමීඩ් උමාර් හක්තාබ් යන අයට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කල අතර නඩුව මුලින්ම විභාගයට ගනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මේනකා විජෙසුන්දර හමුවේය.ඉන්පසු 2012 ජනවාරි මස සිට මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක හමුවේ නඩුව විභාගයට ගනු ලැබු අතර 2013 සිට 2015 අගෝස්තු මස දක්වා නඩුව විභාගයට ගනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලයි.

ඔක්තොම්බර් මස 12,13 විභාගයට ගැනීමට නියමිත නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ථ අධි නිතිඥ සුදර්ශන ද සිල්වා සමග රජයේ අධිනිතිඥ ලිෂාන් රත්නායක පෙනිසිටිමට නියමිතය.


Share on Google Plus

0 comments:

Post a Comment