නාමල් අත්කර ගන්න හැදූ නාමල් උයනේ ආදායම වකුගඩු රෝගීන්ට.


ජාතික නාමල් උයන හෙවත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා නිධිය මගින් වාර්ෂික ලැබෙන ආදායම ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ලබා දෙන බව එහි භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.

ජාතික නාමල් උයනට අමතරව දඹුල්ල නගරයේ පිහිටි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සහ පුබ්බෝගම පිහිටි ගොඩනැගිලිවලින් ලැබෙන සියලුම ආදායම් මේ සඳහා එකතු කරන බවද පවසා තිබේ. මේ පිළිබඳව ලිඛිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම්දුන් බවත් ජනාධිපතිවරයාගේ එකඟතාවය ඒ සඳහා ලැබුණු බවද උන් වහන්සේ වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

ජාතික නාමල් උයන පසුගිය රාජපක්ෂ පාලන සමයේ නාමල් රාජපක්ෂ විසින්  අත්පත් කර ගැනීමට සූදානම් වූ අතර ජාතික නාමල් උයන සංවර්ධන භාරය නමින් ඒකකයන් පිහිටුවා එහි සභාපති ලෙස නාමල් රාජපක්ෂ පත්වී කටයුතු කිරීමට සූදානම් විය. ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් මතු වීමත් සමග එම උත්සාහය අසාර්ථක විය. 


Share on Google Plus

0 comments:

Post a Comment