මනාප අවුලෙන් රාජපක්ෂ පිල තවත් දෙදරයි.



පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහින්ද පිල නියෝජනය කරමින් තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මානාප පතිඵල අඩුවීම නිසා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ මන්ත්‍රී වරුන් සහ තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර මේ වනවිට ගැටුමක් නිර්මාණය වී තිබේ.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධුර 7ක් දිනා ගත් අතර එම මන්ත්‍රීවරුන් 07දෙනාම මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කළ අය වේ. එම පිල නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජය වූ ජගත් කුමාර මහතා පවසන්නේ මහ මැතිවරණයේ මනාප ඡන්ද නැවත ගණන් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා වෙත තමන් ඉල්ලීමක් ඉදිරිපත් කරන බවය.

මනාප ප‍්‍රතිඵලවලට අනුව ජගත් කුමාර මහතාට 9වන ස්ථානය ලැබී තිබූ අතර ඔහු වැඩිදුරටත් පවසන්නේ මුලින් නිකුත් කෙරුණු මනාප ඡන්ද සංඛ්‍යාව සහ නිල ප‍්‍රතිඵල ලේඛනයේ මනාප ඡන්ද සංඛ්‍යාව අතර පරස්පරයක් පවතින බවය.

"පසුගිය 17වනදා තිබුණු මැතිවරණයේ ප්‍රතිඵල අපට දුන්නේ 19වනදා උදේ පාන්දර දෙකට. ඒ වෙලාවේ මම 29702ක මනාප සංඛ්‍යාවක හිටියේ. නමුත් පසුගිය 31වනදා සති දෙකකට පසුව නිකුත් කළ ප්‍රතිඵල අනුව අපට දැනගන්න ලැබුනේ මම 30402ක මනාප අරගෙන තියෙනවා කියලා. මනාප 700ක් වැඩිවෙලා තියෙනවා. ඉතින් පසුගිය දින කිහිපය තුළ කවුරුත් අලුතින් ඡන්දය ප්‍රකාශ කලේ නෑනේ. ඉතින් ඒ නිසා පැහැදිලියි. අපි මුලින් සැක කළ පරිදිම මනාප ගණන් කිරීමේදී යම් වැරැද්දක් එහෙමනැත්නම් යම් දෝශයක් වෙලා තියෙනවා කියලා".

Share on Google Plus

0 comments:

Post a Comment