රජයෙන් පිළිතුරු වාර්තාවක්.


ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබද එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවට පෙරළා ප්‍රතිචාර දක්වන්නට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා.

අදාළ මානව හිමිකම් උල්ලංඝණය කිරිම් පිළිබද ජාත්‍යන්තර විනිශ්චකාරවරුන්ගෙන් සහ ජාත්‍යන්තර නීතිඥයන්ගෙන් සමන්විත හයිබි‍්‍රඞ් හෙවත් මිශ‍්‍ර අධිකරණයක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවීමටද එයින් නිර්දේශිතයි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදායින් පසු මානව හිමිකම් ආරක්ෂා කිරීමට, නීතියේ ආධිපත්‍ය, යහපාලනය සහ යුක්තිය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරමින් මානව හිමිකම් කොමසාරිස්වරයා දැක්වූ ප්‍රතිචාරවලට ස්තූතිවන්ත වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කෙරුණු විමර්ශනය මානව හිමිකම් විමර්ශනයක් මිස අපරාධ විමර්ශනයක් නොවන බවට කෙරුණු සදහනද මෙහිදී විශේෂයෙන් උපුටා දක්වා තිබෙනවා. 

එහිදී ගැටුම්වල වින්දිතයන්, විවිධ ජන කොටස්, දේශපාලන පක්‍ෂ, සිවිල් කි‍්‍රයාකාරීන්, හමුදාව හා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වැනි සියලු පාර්ශව සමග සංවාදයක් ඇති කර ගැනීමට කි‍්‍රයා කරන බවද අදාළ පිළිතුරු ලිපියේ සදහන් වනවා. ඉදිරිපත් කෙරුණු වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ කෙරෙහි ද ප‍්‍රමාණවත් සැලකිල්ලක් දක්වන බව එහි සඳහන්.  

තවද සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවද යළි අවධාරණය කරන බවත් ඉන් පෙන්වා දී තිබෙනවා.

(එම වාර්තාව පහතින් දැක්වේ )

ResponseSriLanka15092015-1 ResponseSriLanka15092015-2 ResponseSriLanka15092015-3


Share on Google Plus

0 comments:

Post a Comment