හිරුණිකාට ප්‍රශ්නයක්!


එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රශ්නයකට මැදිව සිටිනවා. වැල්ම්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියා.

ඇයට ගැටළුව වී ඇත්තේ හිටපු ජනාධිපති, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අමතන්නේ කෙසේද යන්නයි.

"එතුමට හිටපු ජනාධිපති තුමා කියනවද, සර් කියනවද, මන්ත්‍රීතුමා කියනවද කියල මම හිත හිත ඉන්නකොට ළඟින් ගියපු ඇමතිතුමෙක් 'මන්ත්‍රීතුමා' කියල ටිකක් සද්දෙට කියාගෙන ගියා. මට හිතුන අනේ මේ මොන අපරාධයක්ද එතුම කරගත්තේ කියල" ඇය එහිදී පැවසුවා.


Share on Google Plus