හිරුණිකාට විමධ්‍යගත මුදල් අහිමි වේ.


මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අරමුණින් ඊයේ සහ අද පැවැති වැඩමුළුව සඳහා කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහභාගී වී නැති බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඊයේ මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ මෙම වැඩමුළුවට සහභාගී වන නවක මන්ත්‍රීවරුන්ට පමණක් ලබන වසරේ විමධ්‍යගත අයවැය මුදල් ලබා දෙන බවයි.


ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහා විමධ්‍යගත මුදල් අහිමිවනු ඇත.

කෙසේ නමුත් පසුගිය පළාත් සභා වර්ෂය වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිමි වූ ලක්ෂ 35ක මුදලින් ලක්ෂ 27ක් ම වැය කොට නැත.

ඡන්දදායකයන් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කරනුයේ ජනතාව වෙනුවෙන් වුවද ඔවුන් මෙසේ තම වගකීම් පැහැරහැරීම කණගාටුවට කරුණකි.


Share on Google Plus

0 comments:

Post a Comment