යහපාලනයෙනුත් හොකී වනසන්න අතහිත?


ක්‍රීඩාව තුලින් සෑමවිටම බලාපොරොත්තු වන්නේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා හැකියාව ඔප්නැංවීම සහ රටකට අභිමානයක් ගෙන ඒමත්ය. එහෙත් ලංකාවේ අනෙකුත් ක්‍රීඩාවලට මෙන්ම හොකී ක්‍රීඩාවටද දැන් කණ කොකා හඬා ඇත.

මීට ආසන්නතම සිදුවීම වන්නේ සැප්තැම්බර් 5 සහ 6 දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිතව තිබු ආසියානු කුසලාන 18න් තරඟාවලියේ පහල තෝරා ගැනීමේ තරඟ අවසාන මොහෙතේදී වාරණයට ලක් කිරීමයි.

තවත් සති තුනකින් බංගලාදේශය සඳහා අපේ ක්‍රීඩකයින් සුදානම් කල යුතු මොහොතක දුෂ්කර ප්‍රදේශවල සිට පැමිණෙන අහිංසක දෙමාපියන්ගේ දරුවන් රස්තියාදු කරමින් සිදුකරන මෙවැනි තුච්ඡ ක්‍රියා ලජ්ජා සහගතය.

මේ වන විට කිසිඳු බල තලයක් නැති හිටපු හොකී සභාපති පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ විසින් මෙම නිර්ලජ්ජිත ක්‍රියාව සිදු කොට ඇත. 

වසර 10ක් ජාතික හොකී සංගමයේ සභාපති වී සිට සත 5 සේවාවක් සිදු නොකට අහිංසක ක්‍රීඩකයන් සමග සෙල්ලම් කිරීමට මෙම පුද්ගලයන් කටයුතු කරයි.

රාජපක්ෂලා පවා වසර 10න් ජනතාවගෙන් මට්ටු වී කුජීත වී ගෙදර ගියත් මෙවනි පුද්ගලයන් එයින්දු පාඩමක් ලබා නොගෙන වසර 10ක් සභාපති කම් කොට නැවතත් ක්‍රීඩාවට කෙනෙහිලි කම් කිරීමට පත්වීමට වෙර දරයි. 

වංචා දුෂණ රැසකට නම් දරන කුප්‍රකට සුමිත් එදිරිසිංහ වැනි මෙවන් පුද්ගලයින් ක්‍රීඩාවේ නාමයෙන් මෙවැනි තනතුරු සඳහා ලං කර නොගත යුතුය. 

මන්දයත් ක්‍රිකට් ක්‍රීඩාවට පසුව ලෝක කුසලානයක් සඳහා ජාතික මට්ටමේ කණ්ඩායමක් ඉදිරිපත් කොට බලාපොරොත්තු තැබිය හැකි එකම ක්‍රීඩාව හොකී ක්‍රීඩාවයි. 

නව ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානයට ලක්වී ලංකාවේ ක්‍රීඩාව මෙවැනි අදමයින්ගෙන් බේරා ගැනීම සැබවින්ම යහපාලන රජයක් ය.

Share on Google Plus

0 comments:

Post a Comment