ගෝඨා ගම්මන්පිල සමග අංජනම් බලයි.


තමාට සහ තම පවුලට උදා වී ඇති කලදසාව පිළිබඳව දැඩි පසුතැවිල්ලකින් පසුවන හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (08) රාත්‍රී අනුරාධපුරයට ගොස්, ඉදිරියට සිදුවීමට නියමිත දෑ පිළිබඳව අංජනමක් බලා ඇති බව වාර්තා වේ.

අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කාන්තාවකගෙන් මෙම අංජනම බැලීම සඳහා ගෝඨාව කැඳවාගෙන ගොස් ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසිනි. මෙම කාන්තාව ශ්‍රී දළඳා මාළිගාවේ බස්නායක නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර අනිවාර්යෙන්ම ජයගන්නා බව මීට දින කිහිපයකට පෙරදී ප්‍රකාශ කොට ඇති අතර අද දින එය සිදුවීමෙන් අනතුරුව ගම්මන්පිල විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව අදම එම ස්ථානයට රැගෙන ගොස් තිබේ. 

අදාල කාන්තාවගේ අංජනම සත්‍ය වූ පසු ඇය හමුවී උපහාර දැක්වීම සඳහා මේ වනවිට දියවඩන නිළමේ දෑල බණ්ඩාර අනුරාධපුරය කරා පැමිණෙමින් සිටින බව තවදුරටත් වාර්තා වේ. අදාල කාන්තාව ගෝඨාභයට පවසා ඇත්තේ විදේශ රටවලට යාමේ තහනම ඉවත් කළද වසර කිහිපයක් යනතුරු හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව නොයන ලෙසයි. ඔහුට ශ්‍රී ලංකාව තුළ කිසිම අතුරු ආන්තරාවක් නැති බව සහතික කොට පවසා තිබේ. නඩුහබ සියල්ල කාලයක් යද්දී මගහැරී යන බව ඇය වැඩිදුරටත් පවසා ඇත. හෙට අනිද්දාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවද කැඳවාගෙන එන බව ගම්මන්පිල අදාල කාන්තාව පවසා ඇත. ටිරාන් අලස්ද අදාල කාන්තාවගේ සේවාදායකයෙකි. සියලුදෙනා මෙහි කැඳවාගෙන එන්නේ පිවිතුරු හෙළ උරුමයේ අනුග්‍රහයෙනි.


Share on Google Plus

0 comments:

Post a Comment