ගෝඨාභය ඉවරයි? - රක්නා ලංකා සමාගමේ වංචා පිළිගනී.


රක්නා ලංකා සමාගමට නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව ගිනි අවි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය පිළිගෙන ඇත.

ඒ, බරපතළ වංචා හා දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

රක්නා ලංකා සමාගමට ගිනි අවි 3473ක් නිකුත් කර ඇති අතර ඉන් නීත්‍යානුකූල ක්‍රමවේදයකට නිකුත් කර ඇත්තේ, ගිනි අවි 89ක් පමණක් බව සාක්ෂි විභාගයේදී තහවුරු වී තිබේ.

කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේදී ඇයගෙන් සාක්ෂි විමසීම සිදු කළ බව ය.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි ත් බරපතළ වංචා හා දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේ ය.

එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ඔහු කොමිසම හමුවේ පෙනී සිටි බව ය.

අද දිනයේ ආරක්ෂක අමාත්‍යංශයේ වර්තමාන ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද කොමිසම හමුවට වාර්තා කර ඇති බව ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් විභාග කෙරෙන මෙම පැමිණිල්ලට අදාළව තව ත් 7 දෙනෙකු අද චිනයේ කොමිසම හමුවේ පෙනී සිටි බව ය.


Share on Google Plus

0 comments:

Post a Comment