අමාත්‍යවරු පත්වී මාසයයි, තවමත් අධ්‍යක්ෂවරු මහින්දගේ බඩු.


යහපාලන ආණ්ඩුවෙහි ඇමැතිවරුන් දිවුරුම් දී මාසයක් පමණකාලයක් ගත වන නමුත් අදාළ අමාත්‍යංශයන්හි දෙපාර්තමේන්තු සදහා පත්කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම ප්‍රමාදව ඇති බව වාර්තාවේ.

අමාත්‍යංශය මගින් සිදුකරන කාර්යය භාරය මුළුමනින්ම පැවරෙනුයේ දෙපාර්තමේන්තු හා ආයතන සදහා වන නමුත් නව ඇමතිවරු හා ලේකම්වරු අදාළ ආයතනයන්හි වැඩ ආරම්භකොට ඇත්තේ එම ආයතනයන්හි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙහි සිටි අධ්‍යක්ෂවරුන් යටතේ වීම විශේෂත්වයකි.

දින සියයේ ආණ්ඩුව යටතේ නව සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ ආයතන වෙත පත් කළද ඔවුන්ගෙන් බහුතරයක්ද පෙරකී පාලනයේ ම පිරිස් වූ අතර කෙසේ වුවත් මොවුන්ද නව අමාත්‍යවරු පත්කිරීමත් සමග නිතිප්‍රකාරව එම තනතුරු අහෝසි වන නමුත් මේ වන තෙක් ඔවුන් සුපුරුදු ආයතන ව්‍යුහයේම රැදී සිටිම විසින් නව පත්වීම් සිදුකර ගැනීමට නොහැකි වී ඇත.

මෙම අධ්‍යක්ෂවරුන්ගෙන් බහුතරය අනිවාර්ය දේශපාලන පත්වීම් වන අතර ඒ හේතුවෙන් එම ආයතනයන්හි මේ දක්වා ක්‍රියාත්මක ව ඇත්තේ මහින්ද රාජපක්ෂගේ වැඩපිලිවෙල වීම යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශී භාවයට හේතුවක්වී ඇත.
කෙසේ නමුත් අදාළ අධ්‍යක්ෂවරු පත් කිරීම සම්බන්ධයෙන් වන කොමිසමක් පත්කොට ඥාතී සම්බන්ධතා හා දුෂණයට හවුල් වූවන් අදාළ තනතුරු සදහා පත් නොකිරිමට එමගින් පියවර ගත යුතු බවද සදහන් කළත් එයද ක්‍රියාත්මක තලයේ තිබෙනු බවක් දක්නට නොමැත. එසේම අමාත්‍යංශය විෂයේ බේදීයාම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයද මේ වන තෙක් මුද්‍රණය කොට නොමැති බවද වාර්තාවේ. ඒ අනුව යහපාලන ජාතික ආණ්ඩුවේ මුහුණ වෙනස් වුවද එහි අභ්‍යන්තරයේ දිවෙන්නේ මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයන්ගේ වැඩ බව මෙයින් පෙන්නුම් කර සිටී.

ජනතාව ඉල්ලා සිටියේ යහපාලනයක් වුවත් ඊට උචිත පිරිස් පත්කර ගැනීමට පාලන තන්ත්‍ර යේ ඉහල සිටින ජනාධිපති අගමැති ඇතුළු අනෙකුත් පිරිස් අසමත්වීම ජනතාව හමුවේ නැවත වරක් ප්‍රශ්නකාරීව ඇති බවද වාර්තා වෙමින් පවතී. 

Share on Google Plus