මුසාට එරෙහිව රෝසි? (Gossip)


ළඟදිම කොළඹ මහනගර සභාව විසිරෙනව. ඊළඟට ඡන්දෙ එනව... අලිපාටියට ජයග්‍රහණය ෂුවර් ෂොට් එකක් ලෙස සැලැකෙන කොළඹ මහනගර සභාවට තරග කරන්න එන නගරාධිපති අපේක්ෂකය කව්ද කියන එක ගැන දැන් හැම තැනම කතා වෙනව...

ඡන්දයට නාමයෝජනා කැඳවන්නත් කළින්ම පුරපති පුටුවට සටනක් පටන් අරන් කියලයි අපට ආරංචි. දැනට මේ සටනෙ ඉන්නෙ දෙන්නයි.

එක්කෙනෙක් දැන් ඉන්න පුරපති මුසා තුමා. උන්නැහේට ලොකු සටනක් දෙන්න ලෑස්ති වෙන්නෙ මේ පාර ඡන්දෙන් මැතිසබේට එන්න බැරිවුණ රෝසි නෝනලු.

ඡන්දෙට හත් ගව්වක් තියාගෙන මේ දෙන්නම දැන් කැන්වසින් පටන් අරන්. එයා මෙයා ගැන කියනව. මෙයා එයා ගැන කියනව.

කොහොමහරි වැඩි දවස් නොගිහිල්ල අපිට බලාගන්න පුළුවනි, කොළඹ ඊළඟ පුරපති නෝනෙක්ද මහත්තයෙක්ද කියල.


Share on Google Plus

0 comments:

Post a Comment