රනිල් එපා කියද් දී ඩඩ්ලි, සුමල්ගෙන් අරගෙන.


පසුගිය මහමැතිවරණ සමයේ ‘ඇක්සස් ' සමාගම් සමූහයේ සභාපති සුමල් පෙරේරා විසින් මැතිවරණ ප්‍රචාරණ වියදම් සඳහා යැයි කියමින් රුපියල් මිලියන 50 ක් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට උත්සාහ කර ඇති අතර එම මුදල භාර ගැනීම සුමල්ගේ පැටිකිරිය දන්නා රනිල් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

පසුව සුමල් එම මුදල රැගෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවීමට ගොස් ඇති අතර ඇයද අදාළ මිලියන 50 කාරුණිකව ප්‍රතික්ෂේප කොට තිබේ.

ඉන්පසු සුමල් හමුවී ඇත්තේ ජනාධිපති සොයුරු  ඩඩ්ලි සිරිසේනවය. ඔහු සුමල්ගේ මුදල එකපයින් භාරගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් අනතුරුව තමන්ගේ සහෝදර සහෝදරියන්ට ඔහු හමුවීමට ලබා දී ඇත්තේ සතියේ එක් දිනක් පමනි. එමෙන්ම ඔවුන්ට හා ජනාධිපතිගේ දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය තහනම් ප්‍රදේශයක් කොට ඇත. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන ප්‍රසිද්ධියේම කියමින් සිටින්නේ ‘මහින්දගේ කාලෙ මට මීට වැඩිය හොඳයි' යනුවෙනි.


-LNW

Share on Google Plus