තාජුඩීන්ගේ DNA වාර්තාව අවසන් නැහැ.


රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුරෙන් ලබාගත් කොටස් පිළිබඳ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව ඩී.එන්.ඒ පරීක්ෂණය තවමත් අවසන් නැතිබවත් එම පරීක්ෂණ අවසන් කළ පසු අධිකරණයට ඉදිරිපත් කරන බව ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ. ඉලේපෙරුම මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ ඊයේ (21) ප්‍රකාශ කර ඇත.

දෙවැනි පරීක්ෂණය සඳහා සිරුර ගොඩගැනීමෙන් පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් මහතා එම කොටස් එවූ බවත් ඉළ ඇට දෙකක් හා දතක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය. පළමුවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගත් මාංශ පේෂී සමග ඇට කැබැල්ලක් ඉල ඇට දෙකක් හා පටකයක් සහිත උඩු ඇන්දේ දතක්ද පරීක්ෂණයට එවා තිබූ බව ඔහු අධිකරණයේදී සඳහන් කර තිබේ.

තාජුඩීන්ගේ මවගෙන් පසුගිය 14 වැනිදා ලේ සාම්පලයක් ලබාගත් බවත් ඉලේපෙරුම මහතා අධිකරණයේදී පවසා ඇත.

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර හා වත්මන් අධිකරණ නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් පරීක්ෂණ සිදු කළහ.

Share on Google Plus