ඇමතුමකටවත් පිළිතුරු නොදුන් ජවිපෙ අපේ ජීවිත බාරගන්නෙ කොහොමද ? - චිත්‍රාංගනී විජේවීර.


මෙතෙක් කලක් තමන් හා දරුවන් ගැන සොයා නොබැලූ, දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදුන් ජවිපෙ තමන්ගේ වගකීම භාරගන්නා බව පවසන්නේ කෙසේදැයි රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය පවසයි. ලංකාදීම එසැණ පුවත් සේවයට ඇය මෙසේ පවසා තිබේ. 

නාවික හමුදාව තමන් දැනට පදිංචිව සිටින නිවස නැවත භාරදෙන ලෙස පවසා ඇති බවත් ඒ නිසා බලෙන් සිටිය නොහැකි බවත් ඇය තවදුරටත් පවසා තිබෙනවා. දැන් තමාටත් තව දරුවන්ටත් යන්නට තැනක් නොමැති බවත් ඇය පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ එසැණ පුවත් සේවයට පවසා ඇත්තේ චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ චෝදනාව අසත්‍ය බවයි.

Share on Google Plus