CSN නාලිකාව විකිණීම තහනම් කෙරේ.


යෝෂිත රාජපක්ෂට අයත් CSN ක්‍රීඩා නාලිකාව විකිණීම, බදුදීම, තාවකාලිකව පැවරීම යන සියලු කාරණා තහනම් කරමින් අද (09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් පනවා තිබේ. අධිකරණය මෙම නියෝගය පනවා ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් B/9823 යටතේ අධිකරණයට කළ කරුණු දැක්වීම මතය.

එමෙන්ම CSN නාලිකාවේ අධ්‍යක්ෂකවරුන් මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ කැඳවා ප්‍රශ්නකිරීමට අධිකරණය විසින් මුල්‍ය අපරාධ කොට්ඨාශයට අවසර ලබාදී තිබේ.

මෙසේ වාරණ නියෝගයක් ගැනීම සඳහා හේතුවී ඇත්තේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් දයා සමූහ ව්‍යාපාරයට CSN නාලිකාව විකිණීමට හෝ බදුදීමට අධ්‍යක්ෂකවරුන් උත්සාහ කිරීම හේතුකොට ගෙනය. නව රජයට සම්බන්ධකම් ඇති කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම CSN නාලිකාව අත්පත් කරගැනීම සඳහා දැරූ වෑයම මේ නිසා යටපත් වනු ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment