ෆුල් ලීසිං නැවතු හේතුව.


මෙමගින් වාහන ආනයනයට ද කිසියම් බලපෑමක් ඇති වුවද අදාළ සීමා පැනවූයේ වාහන ආනයනය කිරීම සීමා කිරීමට නොවන බව ශ‍්‍රී ලංකා මහබැංකුව අවධාරණය කළා.  

වාහන සඳහා සම්පූර්ණ ලිසිං පහසුකම් ලබාදීම අත්හිටුවමින් නව සීමා පැනවූයේ මූල්‍ය සමාගම්වල ස්ථාවරත්වය තහවුරු කිරීමට බවයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. වර්ධනය වෙමින් තිබෙන අනවශ්‍ය තරගකාරීත්වය නිසා මෙවැනි සීමාවක් නොමැති වුවහොත් ඉදිරියේදී අවදානම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අදාළ නව සීමා හේතුවෙන් මින් ඉදිරියට වාහනයක් මිලදී ගැනීමේදී සම්පූර්ණ ලීසිං පහසුකමක් ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙන්නේ නැහැ. වාහනයේ වටිනාකමින් කිසියම් කොටසක් පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු වන අතර ලීසිං පහසුකම යටතේ ලබාගත හැකි උපරිම මුදල වාහනයේ වටිනාකමින් සියයට 70 ක් පමණයි. 

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය මාලක රණතිලක මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ පනවන ලද නව සීමා ආර්ථික වශයෙන් යහපත් ප‍්‍රතිඵල ඇති කරන බවයි. 

ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ මහබැංකුව විසින් ප‍්‍රකාශිත අරමුණු සහ අදාළ සීමා අතර පැහැදිලි සම්බන්ධයක් නොමැති බවයි. මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විකල්ප යෝජනා තිබෙන බවද ඔහු කියා සිටියා. 

පවතින තත්ත්වය පිළිබඳ අද (17) දිනයේ සිය සංගමයේ විශේෂ සාකච්ඡාවක් සිදුකෙරන බවද සම්පත් මෙරින්චිගේ මහතා පවසනවා. ඉදිරියේදී ශ‍්‍රී ලංකා මහබැංකුව සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 




Share on Google Plus

0 comments:

Post a Comment