මහින්ද අගමැති වුණානම් විශාල ඝාතන වෙනවා - චන්ද්‍රිකා.


නිමා වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවානම් විශාල වශයෙන් අහිංසක ජනතාව ඝාතනය විමට තිබුණ බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනපතිවරිය තවදුරටත් සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඔහු ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කළ බවයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මාධ්‍ය අමතමින් ඇය ඊයේ (05දා) මෙම අදහස් සක්වා තිබෙන බව එකොනොමික්ස් ටයිම්ස් පුවත්සේවය වාර්තා කරයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවට විශේෂිත බවත් චීන ව්‍යාපෘති කොළඹ විශාල ණයබරකට පැටවූ බවත් ඇය සඳහන් කර තිබේ.

තම පරාජය ඉන්දියාවද සම්බන්ධ බවට මහින්ද රාජපක්ෂ හිටප ජනපතිවරයා කරන ප්‍රකාශ සඳහා පිළිතුරු දක්වමින් ඇය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රවාදය කළමණාකරණය කර ගත හැකි බවයි. 

එසේම වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණිමට වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් කර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ පොදු සතුරන් (මහින්ද රාජපක්ෂ මහතාගේ) එකට එක් වූ බවයි.


Share on Google Plus

0 comments:

Post a Comment