Ads Top

Ray Ad

බන්දුලගේ මනාප ලක්ෂයක් අහිමිවුණ හේතුව හෙළිකරයි.


පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ තමාට මනාප ලක්ෂයක් පමණ අහිමි වීමට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් හේතු වී  ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමේදී කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බවට ජයසිංහ මහතා ගෙන ගිය ප්‍රචාර හේතුවෙන් මෙම මනාප ප්‍රමාණය අහිමි වී ගිය බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

හෙතෙම මේ බව පැවසුවේ, නාරාහේන්පිට අභයාරාමයේදී අද (14දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


Powered by Blogger.