පළාත් සභා පාසලූත් මධ්‍යම රජයට.


ඉදිරියේදී සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සියලූ පහසුකම් සපිරි පාසල් 2 ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමගින් ජනපි‍්‍රය පාසල්වලට ඇති තදබදය අවම කර ගැනීමට හැකි වන බවයි.

එසේම ගුරු පුහුණු වැඩසටහන් සහ විවිධ ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සභා යටතේ පවතින පාසල් තාවකාලිකව මධ්‍යම රජය වෙත පවරා ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා. 

වෙනස්වන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා කියාසිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති නව අධ්‍යාපන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකුත් කිරීම පිළිබද උත්සවයට එක්වෙමින්.

එම අවස්ථාවට එක් වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසුවේ නිවැරදි අධ්‍යාපන අරමුණු තෝරාගැනීම අත්‍යවශ්‍ය බවයි. 


Share on Google Plus

0 comments:

Post a Comment