සම්බන්ධන් විපක්ෂනායක කිරීම නිවැරදියි - අනුර. - Info Sri Lanka News | Sinhala

සම්බන්ධන් විපක්ෂනායක කිරීම නිවැරදියි - අනුර.


දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පත්කිරීම නිවැරදි බවත් එම තීරණයට තම පක්ෂයේ සහාය හිමිවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.

අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සිදුව ඇති බවයි. සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා හවුල් ආණ්ඩුවකට ඇතුළත් හෙයින් ඔවුන් විපක්ෂනායක ධුරය හිමි විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.


Share on Google Plus