පක්ෂ නායක වරප්‍රසාද අහිමි පිරිස මෙන්න.


අටවන පාර්ලිමේන්තුව නියෝජනය කරන විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, අරුමුගම් තොණ්ඩමන්, උදය ගම්මන්පිල, චන්ද්‍රසිරි ගජධීර, ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි සියලු පක්ෂ නායකයින්ටත් චම්පික රණවක, රිෂාඩ් බදුර්දීන්, පී. දිගම්බරම්, මනෝ ගනේෂන් ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාරිලිමේන්තුවට පිවිසි පිරිසටත් මෙලෙස ඉදිරි පෙළ ආසන අහිමි වී තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස කතානයකවරයා පිළිගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී සංවිධානය යන දේශපාලන පක්ෂ හයයි. මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වී පසුගිය මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීපත් වූයේ ඉහත සඳහන් පක්ෂ හයෙන් පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, කම්කරු ජාතික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය , ජාතික හෙළ උරුමය, කඳුරට ජනතා පෙරමුණ, ජාතික කම්කරු කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ වල නායකයින්ට පක්ෂ නායක වරප්‍රසාද හිමි නොවන අතර පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් ඔවුන්ට අහිමි වේ.


Share on Google Plus

0 comments:

Post a Comment