නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 50ක් ස්වාධීන වන ලකුණු.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පනස්‌ දෙනෙකුට ආසන්න පිරිසක්‌ ස්‌වාධීන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ලෙස විපක්‍ෂයේ පෙනී සිටීමට සූදානම් වන බව වාර්තා වනවා. 

ජාතික ආණ්‌ඩුවට සහාය නොදක්‌වන මෙම පිරිස මේ සඳහා ඉදිරියේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
  
විපක්‍ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව පෙන්නුම් කර විපක්‍ෂ නායක ධුරය තම කණ්‌ඩායම වෙත ලබා ගැනීම මෙහි අරමුණ බව  රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු  මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සති අන්ත පුවත්පතකට කර ඇති ප්‍රකාශයකින් මේ බව තහවුරු වනවා. 

තම කණ්‌ඩායම කොතරම් ද යන්න තීරණය කළ හැක්‌කේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දිව්රුම් දුන් පසුව බවද ඔහු පෙන්වා දී තිබෙනවා.එහෙත් බ්‍රහස්‌පතින්දා රාත්‍රිය වනතුරු මෙම කණ්‌ඩායමේ සිටි කිහිප දෙනෙක්‌ ද සිකුරාදා ජනාධිපතිවරයා හමුවේ දිව්රුම් දුන්නා.


Share on Google Plus

0 comments:

Post a Comment