ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 4ක්.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (15) පැවැත්වෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ එහිදී ද්විපාර්ශ්වික ගිවිසුම් 04කට අත්සන් තැබීමට නියමිත බවයි. මීට අමතරව ඉන්දීය ජනාධිපති ප‍්‍රනාම් මුකර්ජි මහතා සහ විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (14) ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගියා.

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු සහභාගි වන පළමු විදේශ සංචාරය මෙයයි. අග‍්‍රාමාත්‍යවරයා සමග 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා. 


Share on Google Plus

0 comments:

Post a Comment