2020 ඔලිම්පික් ලාංඡනය උස්සලා.


2020 වසරේ ජපානයේ ටෝකියෝ හිදි පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා නිර්මාණය කෙරුණු ලාංඡනය ඉවත දැමීමට ඊයේ (01) එරට තීරණය කළා.

අදාළ ලාංඡනය වෙනත් නිර්මාණයකින් උපුටා ගත්තක් ලෙස චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩාංගණයෙන් ද පසුගිය ජුලි මස අදාළ මතභේදාත්මක ලාංඡනය ඉවත් කෙරුණා.

බෙල්ජියම් ජාතික ග‍්‍රැෆික් නිර්මාණකරුවෙකු පැවසුවේ තම නිර්මාණයක් සොරකම් කර 2020 ඔලිම්පික් ලාංඡනය නිර්මාණය කර ඇති බවටයි. ඒ අනුව තමන් අලුත් ලාංඡනයක් නිර්මාණය කරන බව ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් ඊයේ (01) නිවේදනය කළා. 


Share on Google Plus

0 comments:

Post a Comment