වසර 20න් නායකයෙක් පය නොගැසූ තැනකට ජනපති යයි.


පොලිස් දෙපාර්තමේන්තුවේ ගැටලූ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සමග ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිලධාරීන්ගේ නිල නිවසේදී එම හමුව පැවැත්වුණා.

රාජ්‍ය නායකයෙකු අදාළ නිල නිවසට වසර 20කට පසු ගිය පළමු අවස්ථාව මෙයයි. පොලිස් දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලූ මෙන්ම විවිධ යෝජනා හා අදහස් ද එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම්, වැටුප් හා නේවාසික ගැටලූ පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණු බවයි. මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත අදාළ ගැටලූවලට විසඳුම් ලබාදීමට කි‍්‍රයාකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී දේශපාලන බලපෑමකින් තොරව රාජකාරී ඉටු කිරීමේ උපරිම තෘප්තිය අත්විඳීමට පොලිස් දෙපාර්තමේන්තුවට හැකි වූ බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේ යැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. 


Share on Google Plus

0 comments:

Post a Comment