18දා නදී තෙර ඇවිද යන්න එන්න.



‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ මත ‘ප්‍රේමය සමග පි‍්‍රන්සිපැලිටියට එරෙහිව’ ඇවිද යන්න මේ මස 18 වෙනිදා සවස 5.00 ට කොළඹ 07 චිත‍්‍රපට සංස්ථා තරංගනී ශාලාවට එන්න...

ජනපි‍්‍රය මාධ්‍යවේදිනියක, නවකතාකරියක මෙන්ම කිවි`දියක ද වන නදී වාසලමුදලිආරච්චිගේ ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ නවකතාව සහ ‘ප්‍රේමය සමග පි‍්‍රන්සිපැලිටියට එරෙහිව’ කාව්‍යය සංග‍්‍රහය ගැන කෙරෙන දේශපාලනික කියවීමක් මේ මස 18 වෙනිදා සවස 5.00 ට කොළඹ 07 චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවෙහි දී පැවැත්වේ. සංවාද ත්වරණය දීප්ති කුමාර ගුණරත්න, සිරිමල් විජේසිංහ, කසුන් කල්හාර ජයවර්ධන සහ භූපති නලින් වික‍්‍රමගේ විසිනි.

ජනපි‍්‍රය සංස්කෘතික ධාරාවෙහි ප‍්‍රකටව සිට පශ්චාත් නූතන දේශපාලන ගමන් මග වෙත පිම්මක් ගත් නදී මීට පෙර ‘ආකාස පර්වත’ නවකතාව සහ ‘ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව’ නැමති කවි පොත් ප‍්‍රකාශණය කර ඇත. ඇය විසින් පුවත් පත් වලට ලියන ලද යොවුන් නවකතා කිහිපයක් ද තිබේ.

නදී වාසලමුදලිිආරච්චි විචාරකයින්ගේ අවදානයට ලක් වූයේ ඇගේ කෘති තුල ඇති විකල්ප දේශපාලනික කියවීම නිසාය. මෙම නව කෘති ද්විත්වය තුලින් ද විශේෂයෙන් ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ නවකතාව මගින් ඇය අතිශය ප‍්‍රහාරාත්මක සාහිත්‍යය කැරැුල්ළක් ගසා ඇති අතර එය වඩාත් වැදගත් වන්නේ වර්තමාන සිවිල් සමාජය සහ වාමාංශික කි‍්‍රයාකාරීත්වය කපා කොටා නිර්ධය ලෙස විච්ෙඡ්දනය කරන හෙයිනි. ලංකාවේ මුඛ්‍ය ගැටළුව වන ජනවාර්ගික අරගලය ගැන උපරිමව සංවේදීව සිටින නදී කොන්දේසි විරහිතව එම ගැටළුවට මුවා වී මෙරට රැුඩිකල් වාමාංශිකයින් විසින් කරමින් සිටින කපටි ප‍්‍රයෝගයන් හෙළි කිරීමට ද නොපසුබට වේ.

නව්‍ය භාෂාමය ආකෘතියකින් යුත් ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ ගද්‍යය සහ ‘ප්‍රේමය සමග පි‍්‍රන්සිපැලිටියට එරෙහිව’ පද්‍යය විමසා බැලීමට ඔබ ද සැප්තැම්බර් 18 වෙනිදා සවස 5.00 ට කොළඹ 07 චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට එන්න. ‘වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට්’ විදර්ශන ප‍්‍රකාශනයකි.








Share on Google Plus

0 comments:

Post a Comment