ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් 10කට විනය පරීක්ෂණ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. එම පක්ෂයේ උප සභාපතිවරයකු වන ජනක බණ්ඩාර තෙන්න‍කෝන්, හොරණ ආසන සංවිධායක විධුර වික්‍රමනායක, මිනුවන්ගොඩ ආසන සංවිධායක ප්‍රසන්න රණතුංග, දෙහිවල ගල්කිස්ස ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහත්වරුන් ඇතුළු දස දෙනකුට ‍එරෙහිව මේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී හෙට (2) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේ දී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂයේ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබිණි.


Share on Google Plus

0 comments:

Post a Comment